#7 PICSART - Dispersion Tool එක

අදත් හැමෝටම ආයුබෝවන් කියලා lesson එක පටන් ගන්නවා. අද lesson එක ටිකක් විශේෂයි. මොකද අද කියල දෙන්න යන්නෙ PicsArt app එකේ Dispersion tool එක භාවිතා කරන විදිහ.


Dispersion Tool එකෙන් මොනවද කරන්න පුළුවන්?

මුලින්ම මේ පහළ තියෙන Dispersion effect එක දාලා තියෙන Photo එක බලන්න.

දැන් ඔයාලට Dispersion effect එක ගැන අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ Dispersion Tool එකෙන් අපි කරන්නේ photo එකකට ඔය dispersion effect එක දාන එක. 


Dispersion Tool එකේ කොටස්. 

මේ tool එකේ ප්‍රධාන වශයෙන් pages දෙකක් තියෙනව.
              - Dispersion Drawing Page
              - Dispersion Settings Page

මුලින්ම Dispersion Drawing Page එකේ තියෙන කොටස් ටික බලමු.

01. Brush Size

Dispersion effect එක දාන්න ඕනි කොටස් draw කරන්න එහෙම නැත්තං select කරන්න අපි brush එකක් යොදා ගන්නවා. මෙන්න මේ brush එකේ size එක වෙනස් කරන්න 'Brush Size' කොටස භාවිත කරන්න පුළුවන්.

02. Exit

කිසිම දෙයක් වෙනස් නොකර Tool එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මේ කොටස භාවිත කළ යුතුයි. 

03. Undo

Select කරගත්ත කොටස් එකින් එක unselect කරන්න මේ කොටස භාවිතා කරන්න පුළුවන්.

04. Redo

Undo භාවිතා කරලා unselect කරපු කොටස් නැවත එකින් එක select කරගැනීම සඳහා මෙය භාවිතා කරන්න පුළුවන්. 

05. Finish

Dispersion effect එක add කිරීමට අවශ්‍ය කොටස් select කිරීමෙන් පසුව මෙම කොටස භාවිතයෙන් Dispersion Settings Page එකට යන්න පුළුවන්. 

දැන් අපි Dispersion Settings Page එකේ තියෙන කොටස් ටික බලමු. 

06. Stretch

Dispersion effect එක විහිදී යා යුතු ප්‍රමාණය වෙනස් කිරීමට මෙමගින් පුළුවන්. 

07. Size 

Dispersion particles (අංශු) වල ප්‍රමාණය මෙමගින් අඩු වැඩි කරන්න පුළුවන්. 

08. Direction 

Dispersion effect එකේ දිශාව වෙනස් කිරීම සඳහා මෙය භාවිතා කරයි. 

09. Fade 

Dispersion particles (අංශු) fade (විවර්ණ) කිරීමට අවශ්‍ය නම් මෙය භාවිතා කරන්න පුළුවන්. 

10. Blend Mode

Original photo එක Dispersion effect එක සමඟ මිශ්‍ර විය යුතු ආකාරය මෙමගින් වෙනස් කරන්න පුළුවන්. 

11. Back

Dispersion Drawing Page එකට යාම සඳහා මෙය භාවිතා කරයි. 

12. Undo

Dispersion settings page එකේදි වෙනස් කළ settings එකින් එක ඉවත් කිරීමට මෙය භාවිතා කරන්න පුළුවන්. 

13. Redo 

Undo භාවිතා කර ඉවත් කළ settings නැවත එකින් එක යේදීම සඳහා මෙය භාවිතා කරයි. 

14. Draw and Erase

Dispersion effect එක මැකීමට සහ ඇඳීමට මෙය භාවිතා කරන්න පුළුවන්. 

15. Finish 

අවශ්‍ය පරිදි Dispersion settings වෙනස් කිරීමෙන් අනතුරුව ඒවා save කිරීම සඳහා මෙය භාවිත කරයි. 


Dispersion Tool එකෙන් photo එකකට dispersion effect එක add කරමු. 

01. මුලින්ම, app එක open කරලා Photos option එකෙන් ඔයාගෙ phone එකේ තියෙන Photo එකක් select කරගන්න. 

02. දැන් Tools Menu එකට ගිහිල්ලා Dispersion Tool එක open කරන්න. 

03. පසුව 'Dispersion Drawing Page' එකේදි dispersion effect එක add කිරීමට අවශ්‍ය කොටස් draw කරගන්න. අවශ්‍ය පරිදි පහළ ඇති 'Brush Size' කොටස භාවිතා කරලා brush එකේ size එක වෙනස් කරගන්න.

04.අවශ්‍ය කොටස් draw කිරීමෙන් පසුව 'Finish' Button එක ටැප් කරන්න. 

05. දැන් open වී තිබෙන 'Dispersion Settings Page' එකෙන් අවශ්‍ය පරිදි dispersion settings වෙනස් කරගන්න. මේ සඳහා ඉහත විස්තර කළ කොටස් භාවිතා කරන්න. 
      මම settings වෙනස් කළේ මෙන්න මේ විදියට,
          Stretch - 90
          Size - 10
          Direction - 0
          Fade - 0
          Blend mode - normal

06. Dispersion settings save කිරීම සඳහා 'Finish' button එක ටැප් කරන්න.

07. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න. 


ඔන්න ඔය විදිහට තමයි Dispersion Tool එක භාවිතා කරන්නේ. මේ lesson එකනම් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. PicsArt Clone Tool එක ගැන මීළඟ lesson එකෙන් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. සුභ දවසක්! 
Powered by Blogger.