#5 PICSART - Free Crop Tool එක

ආයුබෝවන් සුභ දවසක් හැමෝටම! අද lesson එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ PICSART app එකේ Free Crop Tool එක භාවිත කරන විදිහ.


Free Crop Tool එකෙන් මොනවද කරන්න පුළුවන්? 

මේ tool එකෙනුත් කරන්නේ Crop Tool එකෙන් කරන කාර්යයමයි. Crop Tool එකෙන් කරන්නෙ යම් අනුපාතයකට Crop කිරීමනෙ. නමුත්, Free Crop Tool එකෙන් අපිට අවශ්‍ය කොටස් draw කරලා (ඇඳලා) crop කිරීමේ හැකියාව තියෙනව.

Free Crop Tool එකේ කොටස්. 


01. Paint Brush

අපිට crop කිරීමට අවශ්‍ය කොටස් මත පාට කර select කිරීම සඳහා මෙය භාවිතා කරයි. 'Paint Brush' මත touch කිරීමෙන් brush එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. 

02. Eraser

Crop කිරීම සඳහා select කරන ලද කොටසක් මකා ගැනීමට eraser එක භාවිතා කරන්න පුළුවන්. 

03. Cut

Crop කිරීමට අවශ්‍ය කොටසක් කපා select කිරීමට මෙමඟින් පුළුවන්. 

04. Clear

Crop කිරීම සඳහා select කරන ලද සියලුම කොටස් එකවර unselect කිරීමට මෙය භාවිතා කරයි. 

05. Exit

කිසිම දෙයක් වෙනස් නොකර Tool එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මේ කොටස භාවිත කරන්න පුළුවන්. 

06. Undo

Undo button එක භාවිත කරලා ඔයා වෙනස් කරපු settings එකින් එක ඉවත් කරගන්න පුළුවන්. 

07. Redo

Undo කරන ලද settings එකින් එක නැවත සිදු කිරීමට අවශ්‍ය නම් මෙය භාවිත කරන්න පුළුවන්. 

08. Preview

Photo එක crop කරලා ඉවර වුණාට පස්සේ Crop වුණ කොටස පමණක් preview කිරීමට මේ button එක භාවිත කරන්න පුළුවන්. 



Free Crop Tool එකෙන් photo එකක් crop කරමු. 

01. මුලින්ම, app එක open කරලා Photos option එකෙන් ඔයාගෙ phone එකේ තියෙන Photo එකක් select කරගන්න. 

02. දැන් Tools Menu එකට ගිහිල්ලා Free Crop Tool එක open කරන්න. 

03. පහළ තියෙන 'Paint Brush' එක හෝ 'Cut' tool එක භාවිතා කරලා Crop කිරීමට අවශ්‍ය කොටස් select කරගන්න. 

04. Crop settings preview කිරීම සඳහා 'Preview' button එක ටැප් කරන්න. 

05. Crop settings save කිරීම සඳහා 'Save' button එක භාවිත කරන්න.

06. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න. 



ඉතින් ඔය විදිහට තමයි Free Crop Tool එක භාවිත කරන්නේ. තවත් මෙවැනිම Tool එකක් පිළිබඳ lesson එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. 
Powered by Blogger.