#4 PICSART - Crop Tool එක

ආයුබෝවන් සුභ දවසක් PIXY Community එකේ හැමෝටම! මෙතැන් සිට ඉදිරි lessons වලදී අපි බලාපොරොත්තු වෙන්නේ PICSART app එකේ එක් එක් tools භාවිත කරන විදිහ ගැන ඔයාලට අදහසක් දෙන්න. Tools menu එකේ පලවෙනි tool එක, ඒ කියන්නේ Crop Tool එකෙන් අපි වැඩේ පටන් ගමු.


Crop Tool එකෙන් මොනවද කරන්න පුළුවන්?

Crop කියන වචනය සිංහලට පරිවර්තනය කළොත් ඒකෙ තේරුම තමයි "කප්පාදු කිරීම". ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ Tool එකෙන් මොකක්ද කරන්නේ කියලා.

Crop Tool එකේ කොටස්.


01. Crop Area

Photo එක crop කරාට පස්සේ ඉතුරු වෙන කොටස තමයි මේ Crop area එකෙන් පෙන්වන්නේ. 

02. Ratio Selector

මෙතැනින් ඔයාට කැමති Crop ratio එකක් (අනුපාතයක්) තෝරාගන්න පුළුවන්. "Free" option එක select කරොත් crop area එකේ වටෙන් drag කරලා කැමති විදිහට ratio එක වෙනස් කරගන්න පුළුවන්.

03. Rotate Ruler

මේ ruler එක භාවිත කරලා photo එක උපරිම අංශක 45 ක් වෙනකන් දිශා දෙකටම කරකවන්න පුළුවන්.

04. Exit

කිසිම දෙයක් වෙනස් නොකර Tool එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මේ කොටස භාවිත කරන්න පුළුවන්. 

05. Undo

Undo button එක භාවිත කරලා ඔයා වෙනස් කරපු settings හැම දෙයක්ම මුලින් තිබුණ විදිහටම හරවන්න පුළුවන්.

06. Custom Crop Ratio

මෙතැනින් ඔයාට කැමති අගයක් ඇතුළත් කරලා ratio එක වෙනස් කරගන්න පුළුවන්.

07. Rotate

Rotate button එක භාවිත කරලා photo එක අංශක 90 ගණනේ කැමති පැත්තකට කරකවන්න පුළුවන්.

08. Finish 

Photo එක crop කරලා ඉවර වුණාට පස්සේ save කරන්නේ මේ button එක භාවිත කරලා. 


Crop Tool එකෙන් photo එකක් crop කරමු. 

01. මුලින්ම, app එක open කරලා Photos option එකෙන් ඔයාගෙ phone එකේ තියෙන Photo එකක් select කරගන්න.

02. දැන් Tools Menu එකට ගිහිල්ලා Crop Tool එක open කරන්න.

03. පහළ තියෙන 'Ratio Selector' එකෙන් හෝ උඩ තියෙන 'Custom Crop Ration' option එකෙන් කැමති ratio එකක් තෝරාගන්න. 

04. අවශ්‍ය පරිදි Photo එක තනි ඇඟිල්ලෙන් සහ ඇඟිලි දෙකෙන් drag කරලා Crop area එක තුළ ස්ථානගත කරගන්න. Photo එක කැරකවීමට අවශ්‍ය නම් 'Rotate Ruler' එක හෝ 'Rotate' option එක භාවිත කරන්න. 

05. Crop settings save කිරීම සඳහා 'Finish' button එක ටැප් කරන්න.

06. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න
.


ඉතින් ඔය විදිහට තමයි Crop Tool එක භාවිත කරන්නේ. තවත් මෙවැනිම Tool එකක් පිළිබඳ lesson එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. 



Powered by Blogger.