#2 PICSART - වැඩ ආරම්භ කිරීම

ආයුබෝවන් සුභ දවසක් PIXY Community එකේ හැමෝටම. PICSART free course එකේ දෙවෙනි lesson එකෙන් බලාපොරොත්තු වෙන්නේ PICSART app එක open කරලා අපේ අවශ්‍යතාවය අනුව කැන්වසයක් තෝරාගන්නා ආකාරය පිළිබඳව අදහසක් දීමයි.

01. App එක open කළ පසු මුලින්ම පහළම ඇති + සලකුණ සහිත button එක ටැප් කළ යුතුය.





02. ඉන්පසු open වන window එකෙන් ඔබගේ අවශ්‍යතාවය අනුව කැන්වසයක් තෝරා ගත යුතුය.

⚫ ඔබගේ ජංගම දුරකථනයේ ඇති Photo එකක් සංස්කරණය (edit) කිරීමට අවශ්‍ය නම්, "Photos" option එක භාවිත කළ හැකිය.

⚫ Photo Collage එකක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, "Collages" option එක භාවිත කළ හැකිය.

⚫ චිත්‍රයක් ඇඳීමට අවශ්‍ය වන්නේ නම්, "Drawings" හි ඇති 'Pick Canvas' option එක භාවිත කළ හැකිය.

⚫ ජංගම දුරකථනයේ කැමරාව භාවිතයෙන් ඡායාරූපයක් ගෙන එය සංස්කරණය කිරීමට අවශ්‍ය නම්, "Cameras" option එක යොදා ගත හැකිය.

⚫ Background colour එකක් යොදාගෙන නිර්මාණය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් "Color Backgrounds" option එක භාවිත කළ හැකිය.



ඉතින් ඔන්න ඔය විදිහට තමයි PICSART වැඩ ආරම්භ කරන්නේ. තුන් වන lesson එකෙන් PICSART අතුරු මුහුණතෙහි කොටස් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි!

Powered by Blogger.