#3 PICSART - අතුරු මුහුණතෙහි කොටස් හඳුනාගැනීම
ආයුබෝවන් සුභ දවසක් PIXY Community එකේ හැමෝටම! ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ PICSART Free course එකේ තුන්වෙනි lesson එකත් එක්ක. මේ lesson එකේදි බලාපොරොත්තු වෙන්නේ PICSART අතුරු මුහුණතෙහි (Interface) ප්‍රධාන කොටස් හඳුනාගැනීමයි.
මේ lesson එකේදි හඳුන්වලා දුන්න tools සියල්ලක්ම භාවිත කරන විදිහ මීළඟ lessons වලදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හතරවන lesson එකෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ස්තූතියි!

01. Drawing Canvas
පින්තූර සංස්කරණ හෝ අප සිදු කිරීමට බලාපොරොත්තු වන නිර්මාණය සිදු කරන්නේ මේ කැන්වසය උඩයි.02. Tools Menu
Crop, Dispersion, Clone, Stretch, Motion, Selection, Curves, Adjust, Enhance, Tilt Shift, Perspective, Resize, Flip/Rotate යන editing tools අන්තර්ගත වෙන්නේ මේ Tools Menu එක තුළයි.03. Effects Menu
FLTR, FX, MAGIC, BLUR, ARTISTIC, POP ART, PAPER, DISTORT, COLORS යන categories වලට අදාළ Effects බොහෝමයක් මේ Effects Menu එකේ අන්තර්ගත වේ.04. Beautify Menu
මානව රූප සංස්කරණයේදී භාවිත වන Skin Tone, Hair Color ආදී tools බොහෝමයක් Beautify Menu එකට අයත් වේ.05. Sticker Tool
විවිධ වර්ගයේ Stickers මෙම tool එක භාවිතයෙන් ඔබගේ නිර්මාණයට එක් කර ගත හැකිය.06. Cutout Tool
රූපයක background එක ඉවත් කිරීමට හෝ අවශ්‍ය කොටසක් කපා වෙන් කර ගැනීමට මෙම tool එක භාවිත කළ හැකිය.07. Text Tool
නිර්මාණයට අක්ෂර එක් කර ගැනීමට මෙම tool එක භාවිත කරයි.
08. Add Photo Tool
සිදු කරමින් සිටින නිර්මාණයට තවත් පින්තුර එක් කර ගැනීමට මෙම tool එක භාවිත කරයි.09. Square Fit Tool
ඔබ සිදු කළ නිර්මාණය අලුත් හිස් කැන්වසයක් තුළ අවශ්‍ය ප්‍රමාණයට ස්ථානගත කිරීමට මෙම tool එක භාවිතයෙන් හැකිවේ.10. Brushes Menu
විවිධාකාරයේ Brushes මෙම menu එකෙහි ඇතුළත් වේ.11. Border Tool
කැන්වසයට border එකක් එක් කිරීමට මෙම tool එක භාවිත කරයි.12. Mask Menu
නිර්මාණයට උඩින් එක් කර ගත හැකි Masks (Filters) මෙහි අඩංගු වේ.
13. Draw Tool
කැන්වසය උඩ යමක් ඇඳීමට මෙම tool එක භාවිත කළ හැකිය.14. Lens Flare Tool
නිර්මාණයට විවිධ වර්ණ වලින් lens flares එක් කිරීමට මෙම tool එක භාවිත කරයි.15. Shape Mask Tool
නිර්මාණයට විවිධ හැඩයේ masks (ආවරණ) එක් කිරීම සඳහා මෙම tool එක භාවිත කළ හැකිය.16. Frame Tool
නිර්මාණයට එක් කළ හැකි විවිධ රාමු (frames) මෙම tool එකෙහි අන්තර්ගත වේ.17. Callout Tool
නිර්මාණයට Dialogue Boxes (සංවාද කොටු) එක් කිරීමට මෙම tool එක භාවිත කරයි.18. Export Button
අවසන් කළ නිර්මාණය save කිරීම හෝ share කිරීම මෙම button එක භාවිතයෙන් සිදු කරයි.මේ lesson එකේදි හඳුන්වලා දුන්න tools සියල්ලක්ම භාවිත කරන විදිහ මීළඟ lessons වලදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හතරවන lesson එකෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ස්තූතියි!
